මවු භාෂාවට අමතරව තවත් භාෂා දෙක තුනක සාක්ෂරතාව, මුල්‍ය සාක්ෂරතාව, තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව,ජාලගත හැකියාවේ සාක්ෂරතාව, ඉලක්කම්වල හැකියාවේ සාක්ෂරතාව යන පස් වැදෑරුම් පිළිවෙතක් හරහා තාක්ෂණ ක්ෂේත්‍රයේ නිරතවන්නන් සඳහා යටිතල පහසුකම් වර්ධනය කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා, තාක්ෂණ අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළේය.
සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ජාති ආගම් භේදයකින් තොර ව සතිමත්බව ගුණාංගයක් වශයෙන් පුරුදු පුහුණු කිරීම, ජාතික මට්ටමෙන් ක්‍රියාවට නැංවීම සඳහා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් උපදෙස් ලබා දී ඇත.
දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 55වන ගුණ සමරුව නිමිත්තෙන් විශේෂ ගුණ සමරු දේශනය අද (24) පස්වරුවේ කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.
නොවැම්බර් මස 26 වනදාට වීර කැප්පෙටිපොළ නිලමේතුමා ඝාතනය කර වසර 204ක් පිරීම නිමිත්තෙන් මාතලේදී අනුස්මරණ උත්සවයක් පවත්වන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පැවසුවේය.