මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ඊයේ(14) පස්වරු 4සිට 15වැනි දින පස්වරු 4 දක්වා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

    දිවයිනේ ඇතැම් ස්ථානවලට විශේෂයෙන්ම ගම්පහ , කොළඹ කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කයන්හි ඇතැම් ප්‍රදේශවලට පෙරේදා සිට මේ දක්වා සැළකිය යුතු වර්ෂාපතන තත්වයක් ඇති වූ අතර තවමත් කිසිදු ගංගාවක විශාල ගංවතුර තත්වයක් මතු ව නොමැති බවත් ඇතැම් ගංගාවල සුළු ගංවතුර තත්වයන් ඇතිවී‌මේ අවදානමක් පවතින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.පී.සී.සුගීෂ්වර මහතා පවසයි.

    පුත්තලම සිට කොළඹ,මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව පවසයි.

    දිවයින ආශ්‍රිතව පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේබොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya