ජනතාවගේ හැගීම් තේරුම් නොගනිමින් මහජන නියෝජිතයින් කටයුතු කරයි නම් එහි ප්‍රතිවිපාක මේ රටේ අසරණ ජනතාවට භුක්ති විඳීමට සිදුවන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අද(06) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආණ්ඩු පක්ෂය, විරුද්ධ පක්ෂය ලෙස නොව සියලු දෙනා එකතු වී සාකච්ඡා කර 22 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන හැකි තරම් එකඟතාවකට පැමිණෙන ලෙස, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, (06 දින ) පාර්ලිමේන්තුවේදී සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කළේය.
විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට දෙවන වර කියවීම සඳහා අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවෙයි.
ආර්ථික ගැටළු කිසිවකට කඩිනම් විසඳුම් නොමැති බවත් පියවරෙන් පියවර මෙම ගැටළු විසඳා ගැනීමට කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසීය.