කිසිම බලපෑමකට පොලිස් නිලධාරින්ගේ මාරුවීම් සහ පත්වීම් ලබා දීම සිදු නොකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද(06) පාර්ලිමේන්තුවේදී පැවසීය.
රසායනාගාර සේවා වල කිසිදු බිඳවැටීමක් නොමැති බවද, එය අසත්‍ය ප්‍රකාශයක් බව ද සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් එස්.ජනක චන්ද්‍රගුප්ත මහතා පැවසුවේය.
පවතින උද්ධමන තත්ත්වය පාලනය කිරීම සඳහා මේ වන විට තිබෙන මුදල් තත්ත්වය ප්‍රමාණවත් බවත්, මේ වන විට විදේශ ශ්‍රමික ප්‍රේෂණ ඇතුලු අනෙකුත් විදේශ විනිමය ලැබීම් සම්බන්ධයෙන් වර්ධනයක් ඇති බවත්, එමෙන්ම විදේශ විනිමය ද්‍රවශීලතාව යම් ධනාත්මක තත්වයකට පැමිණ ඇති බවත්, මහ බැංකු පවසයි.
හැකි ඉක්මණින් පහළ අදායම් ලබන කණ්ඩායම් සුරක්ෂිත කිරීම රජයේ ප්‍රධාන අරමුණ බවත් ඒ අනුව, වර්තමාන රජය විසින් කිසිවිටෙක සමාජ සුභසාධන කප්පාදුවක් සිදු නොකරන බවත් ෂෙහාන් සේමසිංහ මහතා අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සුභසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුසු තැනැත්තන්, පවුල් හඳුනා ගැනීම මැයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී අවධාරණය කළේය.