නුගේගොඩ, ජුබිලි කණුව අසළ උද්ඝෝෂණයක නිරත පිරිස අතර සිටි සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් කළහකාරී ලෙස හැසිරෙමින් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කළ බව අනාවරණ වෙයි.
ඉන්ධන පිරිමසා ගැනීමේ එක පියවරක් ලෙස අගමැති කාර්යාලයේ සහ මගේ අමාත්‍යංශවල නිලධාරීන්ට නිවසේ සිට රාජකාරී කටයුතුවල නිරත වන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දුන් බව අග්‍රාමාත්‍යවරයාගේ නිල ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් පවසා ඇත.
නාවික හමුදාව විසින් ( මාර්තු 30) යාපනය කයිට්ස් දූපතේ අල්ලප්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියළි කහ කිලෝග්‍රෑම් 1828 පමණ තොගයක්, එනසාල් කිලෝග්‍රෑම් 137ක පමණ තොගයක් සහ කෘෂි රසායන බෝතල් 134ක ප්‍රමාණයක් සමඟ සැකකරුවකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඉන්දියානු ණය යෝජනා යටතේ රජය සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට රජය බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.