මිරිහාන, පැගිරිවත්ත මාවත ආසන්නයේ ඊයේ රාත්‍රියේ (මාර්තු 30)වූ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පොලිස් පරික්ෂණ ආරම්භ කර ඇති බවත්, මෙම සිදුවීමට කිසියම් අන්තවාදී කණ්ඩායමක් සම්බන්ධ දැයි සොයාබැලීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරන බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
2023 වසරේ දෙසැම්බර් මස වන විට පුනර්ජනනීය බලශක්තියෙන් මෙගාවොට් 2000ක් පද්ධතියට එක් කරන බව සූර්ය බල සුළං සහ ජලවිදුලි ජනන ව්‍යාපෘති රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
ඩීසල් තොග ලැබීමේ යම් අඩුවීමක් පැවතිය ද උපරිම බස් රථ සංඛ්‍යාවක් ධාවනයට එක්කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය දැනුම් දෙයි.
පවතින විදුලි අර්බුදය හමුවේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස විදුලි බල ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ජනතාවගෙන් ඉල්ලීමක් කළාය.