නිළ සංචාරයක් සඳහා පකිස්ථානය වෙත පිටත්ව ගොස් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා පෙබරවාරි මස 22 වන දින පකිස්ථාන නාවික හමුදා මූලස්ථානයේදී එරට නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් එම් අම්ජාඩ් ඛාන් නියාසි (M Amjad Khan Niazi) හමුවිය.
අම්පාර රජගල පුරාවිද්‍යා ව්‍යාපෘතියේ පුරාවිද්‍යා කටයුතු පවත්වාගෙන යාමේදී මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලිම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර සාකච්ඡාවක් ජාතික උරුම,ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ දී (21 දා) පැවැත්විණි.
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා නවදිල්ලියේ සිටින රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව අතථ්‍ය හමුවක් මගින් 2022 පෙබරවාරි 18 වැනි දින ඇමතී ය.
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 65 වැනි සංවත්සරය සහ රබර් - සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සර සැමරුම නිමිත්තෙන්, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය චීන සමාගමක් වන CITS Overseas Economic Cooperation Co. Ltd. ආයතනය සමඟ එක්ව 2022 පෙබරවාරි මස 18 වැනි දින තානාපති කාර්යාලීය නිල ටික්ටොක් ගිණුම එළි දැක්වීය. මෙම ටික්ටොක් ගිණුම හරහා තානාපති කාර්යාලය මඟින් සංවිධානය කෙරෙන ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, නිෂ්පාදන සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට අදාළ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කෙරෙනු ඇත.