ගම දියුණු කර රට දියුණු කිරීම මෙම රජයේ සංවර්ධන ප්‍රතිපත්තිය බවත් එළඹෙන පෙබරවාරි මස 03 දින සිට රට පුරා වැඩ ලක්ෂයක් ආරම්භ කරමින් දැවැන්ත සංවර්ධන වැඩසටහනක් ආරම්භ කරන බව ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා අද (21) පාර්ලිමේන්තුවේදී පැවසිය.
සිව් දින නිල සංචාරයක් සදහා පසුගියදා (19) මෙරටට පැමිණි දකුණු කොරියානු පාර්ලිමේන්තු ජාතික සභාවේ කථානායක පාක් බියෝන්ග් සියෝග් මහතා අද (21) පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත විය.
කොවිඩ්-19 මර්දනයට එරෙහිව ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන එන්නත්කරණ වැඩපිළිවෙලේ සාර්ථකත්වය හේතුවෙන් කොරියානු රැකියා වෙළඳපොලේ ශ්‍රී ලංකාවට හිමි රැකියා අවස්ථා වැඩි කිරීමට කටයුතු කරන බව දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ කථානායකවරයා ප්‍රකාශ කළ බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපල ද සිල්වා මහතා පවසයි.