මැයි 26, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සියලු ජනවාර්ගික කණ්ඩායම් හා එක්ව මේ රටේ ඉදිරි අභියෝගයන්ට මුහුණ දීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ බලාපොරොත්තුව බවත් ඒ සඳහා සහය ලබා දෙන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    “විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා දිරි දීමනා යෝජනා ක්‍රමය” යටතේ විදේශ ප්‍රේෂණ සඳහා ඇමරිකන් ඩොලරයක් සඳහා  වූ අමතර දිරි දීමනාව 2022 අප්‍රේල් මස 30 වැනි දින දක්වා දීර්ඝ කිරීමටත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින්, සියයට 5.50 සහ සියයට 6.50 දක්වා ඉහළ නැංවීම ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

    ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳ ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම පෙබරවාරි 08 වනදා සභාගත කිරීමට බලාපොරොත්තු වන බවත් මෙතරම් පාරදෘෂ්‍ය ආකාරයට අත්සන් කළ කිසිදු ගිවිසුමක් ලක් ඉතිහාසයේ නොමැති බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද(20) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    2022 ජනවාරි 22 පැවැත්වීමට නියමිත පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ගේ චිත්ත ශක්තිය වර්ධනය කිරීම සඳහා ඔවුන්ට සුභ පැතීමට අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක සංචාරය කළේය.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya