ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව සභාපති ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම මාධ්‍යවේදියෙකු ද වූ නිරෝෂන් ප්‍රේමරත්න මහතා පත් කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අතින් අද (01)ලබා ගත්තේ ය.
නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (03) පෙරවරුවේ බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි බැහැ දැක නව වසරට ආශිර්වාද ලබා ගත්තේය.
දෙදහස් විසි දෙක නව වසර සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයීය කාර්ය මණ්ඩලයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමේ නිල උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත්වන බවට පැතිරයන ප්‍රචාරය අසත්‍යයයි