21 වන සියවසේ මෙරට වාරි විශ්මිතය ලෙස හැඳින්වෙන මොරගහකන්ද – කළුගඟ මහා ජලාශ ව්‍යාපෘතියෙහි කළුගඟ ජලාශයේ ජල පිරවුම් මංගල්‍යය සහ රජ රටට – කඳුරට එක් කරන මොරගහකන්ද – කළුගඟ උමං මාර්ගයේ ඉදිකිරීම් ඇරඹීම අද පෙරවරුවේ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවෙයි.
සුවසැරිය ගිලන් රථ සේවාවේ දෙවන පියවරේ සමාරම්භය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) යාපනය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරිණි.
මන්නාරම ලංකා බැංකු ශාඛාව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛාවේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කවුන්ටර විවෘත කිරීම සහ මුලතිව් මහජන බැංකුවේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කවුන්ටර විවෘත කිරීම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.