ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික ඒකකය විසින් පුංච් බොරැල්ල - වජිරාශ්‍රමයේ දී පැවැත් වූ මාධ්‍ය හමුවක දී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් සිංගප්පූරු ආයෝජන පිළිබඳව කරන ලද ප්‍රකාශය සාවද්‍ය ප්‍රකාශයක් බවත්, නොබෝදා පාර්ලිමේන්තුව හමුවේ ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කරන්නට යෙදුන සභාව කල් තැබීමේ විවාදයේ දී ඔවුන් ලද අන්ත පාරජය වසන් කරමින්, ජනතා අවධානය වෙන අතකට යොමු කිරීම සඳහා යොදා ගන්නා ලද කූට උපායක් ලෙස හැඳින්විය හැක.
නීති විරෝධී ලෙස මේ වන විට ඊශ්‍රාලයේ රැදී සිටින ශ්‍රමිකයින්ට ලංකාවට පැමිණීම සදහා සැප්තැම්බර් පළමුවැනිදා දක්වා පොදු සමා කාලයක් ලබාදී ඇති බවත් එම කාලය ඇතුළතදී ලංකාවට නොපැමිණෙන ශ්‍රමිකයින් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි නීතිමය පියවර ගන්නා බවත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.
උතුරේ රැකියා වියුක්තියෙන් පෙළෙන ජනතාවට සහනයක් සළසමින් එම ජනතාව ස්වයං රැකියා සඳහා යොමු කිරීමේ අරමුණින් මූල්‍යාධාර හා උපකරණ පිරිනැමීමේ වැඩසටහනක් පසුගියදා (22 දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යාපනය නගරසභා ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
පෙර රජ දවස සිට මේ රටේ ආර්ථිකය ශක්තිමත් වුණේ කෘෂිකර්මාන්තය මත වන අතර, එය අද දවසේ මෙන්ම හෙට දවසේ ද රටේ අනාගතය ශක්තිමත් කරන පදනම බව ජනාධිපතිතුමා පවසයි.