රුපියල් මිලියන 65,811ක වියදමින් සිදු කිරීමට යෝජිත 'ගම්පෙරළිය' ග්‍රාමීය සංවර්ධන වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන පාරිභෝගික භාණ්ඩ වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ විශාලතම රජයට අයත් සිල්ලර අලෙවිසැල් ජාලය වන ලංකා සතොස තම පිරිවැටුම රු. බිලියන 31 ක් දක්වා ඉහළ අගයක් ලබා ගෙන තිබෙන බවත්, එය ලංකා සතොස මේ දක්වා වාර්තා කළ ඉහළම පිරිවැටුම අගය වන බවත්, ඉදිරි මාස 06 තුළ සතොස ආදායම් තත්ත්වය තව දුරටත් වැඩි කර ගැනීමට සතොස භාණ්ඩ ඔන්ලයින් (Online) ක්‍රමයටත් අලෙවි කිරීමට සැලසුම් කර තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
දුකින් තොරව ජීවත් වීම සෑම පුරවැසියෙකුගේම බලාපොරොත්තුව බවත්, එම බලාපොරොත්තුව සපල කිරීම රාජ්‍යයන් වෙත පැවරෙන වගකීම වන බවත් වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.