අධ්‍යාපන ක්ෂේත්‍රයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වුවන් සඳහා සහන ලබාදුන්නේ විධිමත් ක්‍රමවේදයක් යටතේ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා විසින් ඊයේ (04)පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවී ඇතැයි මතු කළ කරුණ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 118 යටතේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කළ හැකි බව කතානායක කරූ ජයසූරිය මහතා අද (5) පාර්ලිමේන්තුවේ දී නිවේදනය කළේ ය.
ශ්‍රී ලංකාවේ සියලු දෙනාටම සෞඛ්‍ය සේවාවන් ලබාදීමේ අරමුණින් සහ විශ්වීය සෞඛ්‍ය ආවරණය සියලු ජනතාවට ලබාදීමේ අරමුණින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය සාක්ෂාත් කර ගැනීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය සංවිධානය කළ වැඩමුළුවක් කථානායක කරූ ජයසූරිය මහතාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී ඊයේ (04) පැවැත්විනි.
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ වාර්තාවට තොරතුරු සැපයීමට දායකවූ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් බියගැන්වීම හා අපහාස කිරීම තමා හෙළා දකින බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.