ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල 2018 නිලවශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ උත්සවය අද (6) පෙ.ව.11.00ට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ නව ශ්‍රවනාගාරයේ දී පැවඇත්වෙයි.
මේ අවස්ථවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර,මුදල් රාජ්‍ය අමත්‍ය එරාන් වික්‍රමරත්න, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, මුදල් හා ජනමධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වෙයි.
විශිෂ්ඨ මාධ්‍ය සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීම උදෙසා මාධ්‍යවේදීන් සිදු කරනු ලබන මෙහෙවර ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගයීම සඳහ ප්‍රථමව්‍රට මෙම සම්මාන උළෙල පැවැත්වීමට නියමිතය.
පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳව ඇති වී ඇති තත්ත්වය සහ අද (6) දින ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත විවාදය හා ලංකාවේ මැතිවරණ වලදී දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින්ගේ මැතිවරණ වියදම් වල උපරිම සීමාව තීරණය කිරීම සඳහා වූ සාකච්ජාවක් පළාත් සභා ,පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යවරයා හා පැෆරල් සංවිධානය ඇතුළු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථාන නියෝජිතයින් මැතිවරණ වෘත්තිකයින්ගේ සංගමය, මාර්ග ආයතන නියෝජිතියින්, ලර්න් ඒෂියා නියෝජිතයින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ නියෝජිතයින් අතර පැවැත්විය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ඉදිකළ බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරිම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් අද ( ජූලි මස 06 ) වන සිකුරාදා ප.ව. 03.00 ට සිදු කිරිමට නියමිතය.
මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ජාවක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.