පළතුරු සහ එළවළු අස්වැන්න වැඩිපුර ලැබෙන කාලවලදී ඒවා අපතේ යාම වළක්වා කල් තබා ගැනීම සඳහා විජලනය කොට අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය කටයුතු කරගෙන යයි.
''උතුරේ එල්.ටී.ටී. ඊ හෝ දකුණේ ත්‍රස්තවාදය හෝ ඇති වීමට ඉඩ තබන්නේ නෑ. අපරාධ මැඩලීමට රජයක් ලෙස ඉදිරියට උපරිම ක්‍රියාමාර්ග ගෙන කටයුතු කරනවා. මේ ආණ්ඩුව යටතේ අපරාධ වැඩි වී ඇතැයි හුවා දක්වන්න උත්සහ කරනවා ''යැයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (5) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පැවසී ය.
වැව් ආශ්‍රිත ගම්මාන දහසක් සංවර්ධනය කිරිම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය විසින් සැලසුම් කොට ඇති "වැව් දහසක් - ගම් දහසක්" ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය ජූලි මස 12 වන දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
අවංක රාජ්‍ය නිලධාරීන් විගණන පනතට මොනම ආකාරයටවත් බිය විය යුතු නැතැයි මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.