නිවැරැදි මුදල් කළමනාකරණයක් කරගනිමින් ආර්ථිකය දීර්ඝකාලීන වැඩපිළිවෙලකට සකස් කරගෙන යන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා අද (4) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ක්‍රියාකාරීත්වයෙන් ලෝකයේ ආදර්ශමත් පාර්ලිමේන්තුවක් වශයෙන් ලෝක අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය විසින් පිළිගෙන තිබිය දී කීපදෙනෙකු විසින් කරනු ලැබූ මෙම අශෝභන හැසිරීම තුළ මුළු පාර්ලිමේන්තුවේ ම ගරුත්වයට හා කීර්තිනාමයට බලවත් හානියක් සිදුවන බව කණගාටුවෙන් ප්‍රකාශ කරන බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.
පළාත් සභා මැතිවරණය දින නියමයක් නොමැතිව කල්දැමීමට වුවමනාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
රේගු දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා අලුත් පනතක් ගෙනඒමට කටයුතු කරන බවත් රේගුවේ සුළු පිරිසක් වෙත ලැබෙන ප්‍රසාද දීමනාව සියලු සේවකයින්ට සමසේ ලබාදීමට කටයුතු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.