අතුරුදහන්වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලයේ දෙවැනි ජනහමුව මැයි 19 සෙනසුරාදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බව අතුරුදහන්වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශ කරයි.
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු සහ දකුණු අර්ධගෝලයන්ගෙන් පැමිණෙන සුළං හමුවන අඩු පීඩන කලාපය) ආශ්‍රිතව පවතින ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ බොහෝ පළාත්වල අහස වලාකුළින් බරව පවතින අතර වැසි තත්ත්වයන් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේද්නය කරයි.
ඌව පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කළ ආරිය බී.රැකව මහතා අද(17) උදෑසන ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී සිය රාජකාරි ආරම්භ කළේ ය.