බුදු හාමුදුරුවෝ මුලින්ම වැඩමකරපු මහියංගනය ගැන හුඟක් අය හිතුවේ පහත් තැනක් කියලා. ඒ නිසා මා කැකුලා කාලේ අප්පිලෑ ඇත්තන් එක්ක පයින්ම දිසාපති කාර්යාලයට යනවිට මේ ප්‍රදේශය කැලෑවෙන් වැහිලා තිබුණේ. අපේ මේ ගම්මාන දියුණු කරන්න අද නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ඉදිකරන්න කටයුතු කිරීම ගැන ස්තූති කරනවා'' යැයි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලෑත්තෝ පැවසීය.
දිවයින පුරා ඇති සියලූම විදුලි බලාගාර සහ විදුලි උප පොළවල ඇති දත්ත පාලනය කළ හැකි ශ්‍රී ජයවර්ධනපුර නව ජාතික විදුලිබල පද්ධති පාලන මධ්‍යස්ථානය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (16) පස්වරුවේ විවෘත කෙරිණි.
කෑගල්ල, අරණායක සාමසර කන්ද නාය ගොස් අදට ( මැයි 17) දිනට වසර දෙකක් සැපිරෙයි. ජීවිත හා දේපළ රැසක් විනශ කරමින් 2016 වසරේ සිදු වූ ස්වාභාවික ව්‍යවසනයන්ගෙන් සමාජය ම සංවේදී වූ ස්වාභාවික ව්‍යවසනයක් ලෙස සාමසර කන්ද නාය යෑම හඳුන්වා දිය හැකිය.
රජයේ විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සඳහා නව පත්වීම් ප්රදානය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද දින (16) ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිදු කරනු ලැබීය.