කිසියම් ආකාරයෙන් බස් වර්ජනයක් ඉදිරියේ දී ක්‍රියාත්මක වුවහොත් ඊට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පැය 24 පුරා බස් රථ යෙදවීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පවසී ය.
සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය අරඹ ඇති කෘෂි කර්මාන්තය ඉහළ නංවීමේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙන කෘෂි අංශ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් අන්තර්ජාතික සංවර්ධන සංගමය හා ලෝක බැංකුව විසින් ලබාදෙන රුපියල් කෝටි 900ක ආධාර මුදල සඳහා වූ ගිවිසුම අත්සන් කිරීම ඊයේ (15) බත්තරමුල්ල, වෝටර්ස් ඒජ් හෝටලයේ දී සිදු කෙරිණි.
ශ්‍රී ලංකාව පුරා ග්‍රාම නිලධාරී පුරප්පාඩු සඳහා නිලධාරීන් බඳවා ගැනීම ඉදිරි සති කිහිපයේ දී අවසන්වීමට පෙර සිදුකිරීමට නියමිත බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
සමෘද්ධිමත් අනාගතයක් උදාකර ගැනීමට නම් අපේ ශ්‍රම බලකාය උගත් පුද්ගලයින්ගෙන් යුක්ත විය යුතුයි.මේ නිසා රැකියාවල නිරත වීමට වැඩි වශයෙන් කාන්තාවන් යොමු කරවීම අත්‍යවශ්‍යයි.විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කාන්තා නියෝජනය වැඩි කිරීමට පියවර ගත යුතුයි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.