ෆ්ලොරන්ස් නයිටිංගේල් අනුස්මරණ දිනය සහ ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් පොළොන්නරුව මහ රෝහලේ කාර්ය මණ්ඩලය සංවිධානය කළ “නයිටිංගේල් සමරු ප්‍රණාම උළෙල” සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් සහ ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව මහ රෝහලේ දී ඊයේ (15) පෙරවරුවේ දී පැවැත්විනි.
දේශීය සිනමාව පෝෂණය කිරීමට කාලය ශ‍්‍රමය කැප කර විශ‍්‍රාමිකව සිටින කලාකරුවන් අගයනු වස් මාසික දීමනාවක් ප‍්‍රදානය කිරීමේ නිල උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (15) පස්වරුවේ ජාතික චිත‍්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී පැවැත්විණි.
රජයේ ඒකාබද්ධ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ ආණ්ඩු පක්ෂයේ සියලු අමාත්‍යවරුන්ගේ, මන්තී‍්‍රවරුන්ගේ සහ අමාත්‍යාංශ ලේකම්වරුන් මෙන්ම මහබංකු හා භාණ්ඩාගාර නිලධාරින්ගේ සහභාගිත්වයෙන් විශේෂ එක් දින වැඩමුළුවක් පැවැත්වීමට ජනාධිපතිතුමා ජාතික ආර්ථික සභාවට උපදෙස් දෙයි.
වැලි මිල පාලනය කිරීම සඳහා හලන ලද ප්‍රමිතියෙන් යුතු වැලි උර වෙළඳපළට නිකුත් කිරීමට පියවර ගන්නා බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා පවසයි.