ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව සිටි ඉන්දීය ධීවරයින් 27 දෙනෙකු යලි එරටට භාර දීම පසුගිය දා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රජයේ ප්‍රතිපත්තීන්ට අනුකුලව ආරක්ෂක අවශ්‍යතා සඳහා සන්නද්ධ හමුදාවන් විසින් මෙතෙක් භාවිතා කරන ලද තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ ඉඩම් අක්කර 683 ක් පසුගිය දා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සහ යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායහම් මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයක දී නිත්‍යානුකූල අයිතිකරුවන් 964 දෙනෙකු වෙත පවරාදෙන ලදී.
තමන් නොඳන්නා ස්ථානවල දිය නෑමට යාමෙන් වළකින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
2018 වසරේදී එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුව සඳහා ශ්‍රි ලංකාව නියෝජනය කරමින්, පෙර නොවූ වීරු ආකාරයේ විශාලතම ශ්‍රි ලාංකීය ව්‍යාපාරික හා වෙළෙඳ නියෝජිත පිරිසක් සහභාගී කරවීමට සැලසුම් කර තිබෙන බවත්, එහිදී ඔවුන් ශ්‍රි ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ක්ෂේත්රයේ ශ්‍රි ලාංකීය වෙළෙඳ සන්නාම නාමය සහ උද්යෝග පාඨයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.