සිංහල අලූත් අවුරුදු නැකත් චාරිත්‍රානුකූලව හිස තෙල් ගෑමේ උත්සවයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් නුවරඑළිය මාගස්තොට ශ්‍රී සේනානන්දාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුඑවට සහභාගී වීමට ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ඊයේ (16) ලන්ඩන් නුවර බෞද්ධ විහාරයේ දී හිසතෙල් ගෑමේ චාරිත්‍රය සදහා එක්විය.
ජාතික හිසතෙල්ගෑමේ මහෝත්සවය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක කරූ ජයසූරිය මහතාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අත්තනගල්ල රජමහා විහාරස්ථානයේ දී ඊයේ (16) පෙරවරුවේ පැවැත්විනි.
ලන්ඩන් නුවරදී පැවැත්වෙන 2018 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගීවීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා, ලන්ඩන් නුවර හීත්‍රෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා විය.