ශ්රී ලංකා පොලිසිය අලුත් අවුරුද්ද වෙනුවෙන් සංවිධානය කරනු ලැබු අලුත් අවුරුදු චාරිත්‍රාණුකූල තේපැන් සංග්‍රහය පසුගිය දා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථාන පරිශ්‍රයේදි උත්කර්ෂවත් ලෙස පවත්වන ලදි.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස නීතිඥ සිසිර කොඩිකාර මහතා ඊයේ(17) සිය නව ධූරයේ කටයුතු ආරම්භ කළේය.
එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුව සඳහා ශ්‍රි ලංකාව නියෝජනය කරමින්, පෙර නොවූ වීරු ආකාරයේ විශාලතම ශ්‍රි ලාංකීය ව්‍යාපාරික හා වෙළෙඳ නියෝජිත පිරිසක් සහභාගී කෙරෙන බවත්, එහිදී ඔවුන් ශ්‍රි ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ශ්‍රි ලාංකීය වෙළෙඳ සන්නාම නාමය සහ උද්යෝග පාඨයක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.