මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පත්කර ඇත.
කුඩා කාමර දෙකකින් ආරම්භ කළ මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලය ජාතික මට්ටමට ගෙන ඒමට හැකි වූ බවත් කොළඹ පුස්කාල සේවා මණ්ඩය හා සමාන සේවා මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලයෙන් සපයන බවත්ම ධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි.
ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය මගින් සංවිධානය කරනු ලබන නීතිමය ලේඛන ලබා දීමේ ජංගම සේවාවක් මාතු 25 වැනි ඉරුදින උදෑසන 8.30 සිට සවස 3.30 දක්වා තලවකැලේ දෙමළ මහා විද්‍යාලයේ දී පැවැත්වීමට සැළසුම් කර තිබේ.
දකුණු මුහුදු තීරයේ දී ගිනිගැනීමට ලක්වු ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් කරුණු විමර්ශනය සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් සිවු පුද්ගල කමිටුවක් පත් කර තිබේ.