ජපානය සහ ශ‍්‍රී ලංකාව අතර දීර්ඝකාලයක් පුරා පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා රාජ්‍ය සංචාරයක් සදහා අද (12) පෙරවරුවේ ජපානයට ළඟා විය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පොළ) විභාගයට 2018 වසරේ පෙනී සිටින සිසුන්ගේ ජාතික හැදුනුම්පත් ලබාගැනීම සඳහා විදුහල්පතිවරුන් වෙත නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් උපදෙස් පරිදි සිසුන්ගේ විස්තර සහ ඡායා රූප මාර්තු 31 වන දාට පෙර බත්තරමුල්ලේ පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට භාර දිය යුතු බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා රජයේ නිල පුවත් වෙබ්අඩවියට පැවසීය.
ජපන් අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ( මාර්තු මස 12 වැනි දින) සිට 17 වැනි දින දක්වා ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත වෙයි.
සෑම දිස්ත්‍රික්කයක ම ආරක්ෂක කමිටු ඇතිකරන බවත්, රටේ කොතැනක හෝ කුමන හෝ ආකාරයක සිද්ධියක් ඇතිවුවහොත් ඒ ගැන සොයා බලා කටයුතු කරන ලෙස දිසාපතිවරුන්ම ගින් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් ට ද උපදෙස් දී ඇති බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.