ඉන්දියාවේ නවදිල්ලිනුවරදී හෙට (11) ආරම්භවීමට නියමිත ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවේ සමාරම්භක උළෙලට සහභාගීවීම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අද (10) පස්වරුවේ නවදිල්ලිනුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් එරටට ළඟාවිය.
සාමය සහ සංහිඳියාව ඇතිකරමින් ශ‍්‍රී ලංකාවට දීර්ඝ කාලීන ප‍්‍රතිලාභ අත්කර දීමට වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාට හැකිවී ඇති බව ඉන්දීය ජනපති රාම් නාත් කෝවින්ඞ් (Ram Nath kovind) මහතා පැවසීය.
මහනුවර ප්‍රදේශයේ පවතින වත්මන් තත්ත්වය සොයාබැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන රජයේ ඉහළ පෙලේ අමාත්‍යවරු පිරිසක් මහනුවර ප්‍රදේශයේ නිරීක්ෂණයකට එක්විය.
රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සදහා අවශ්‍ය සියලු තීරණ වහා ගන්නා බව නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මහතා අමාත්‍ය ධූරයේ රාජකාරි ආරම්භ කරමින් පැවසීය.