ඡන්ද පොළේදී එක් එක් ඡන්ද දායකයෙකුට එක් ඡන්ද පත්‍රිකාවක් පමණක් නිකුත් කෙරෙන් බවත් මෙම ඡන්ද පත්‍රිකාවල සඳහන් වන්නේ ඒ ඒ පළාත් ආයතනයට තරග කරන දේශපාලන පක්ෂවල හා ස්වාධීන කණ්ඩායම්වල නම් ඒවායේ ඡන්ද ලකුණු පමණක් බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් අද (10) දින පැවැත්වෙන වෙන අතර ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඇතොත් පහත සඳහන් ක්‍රියා කිරීමට මැතිවරණ මහලේකම් කාර්යාලයේ ස්ථාපිත කර ඇති ජාතික පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානය ඡන්ද විමසීම් දින පෙ.ව. 6.00 සිට ක්‍රියාත්මක වන බවත්, පැමිණිලි හෝ නිරීක්ෂණ ඉදිරිපත් කළ හැකිය.
පළාත් පාලන ආයතන 340කට ජනතා නියෝජිතයින් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද (10) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 13,374දී පැවැත්වේ.
ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එම ස්ථානවලින් හැකි ඉක්මනින් ඉවත්වීමට කටයුතු කරන ලෙස කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි.