පළාත් පාලන මැතිවරණයට පැවැත්වීම සඳහා සියලු මහනුවර දිස්ත්‍රික්කයේ සියලු කටයුතු මේ වනවිට සිදුවෙමින් පවති. මැතිවරණයට අදාළ ඡන්ද පෙට්ටි නිකුත් කිරීම පේරාදෙණිය, රණබිම රාජකීය විද්‍යාලයේ දී සිදුවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මහනුවර මාධ්‍ය ඒකකය පවසයි.
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 5,452 දෙනෙකු යොදවන බව බස්නාහිර පළාත (උතුර) භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි.
හෙට දින (10) පැවැත්වීමට නියමිත පළත් පලන මැතිවරණය හේතුවෙන් දිවයිනපුරා පිහිටි සුරාසැල් වසා තැබීමට තීරණය කර තිබේ.
2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ සියලු කටයුතු මේ වන විට සූදානම් බවත් ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් සමඟ අදාළ ඡන්ද මධ්‍යස්ථාන කරා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම අද (09) දින පෙ.ව. 8.00 සිට සිදු කරන බවත් මාතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී, දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා පවසයි.