පළාත් පාලන ආයතන ඡන්දය විමසීම අද (10) උදෑසන 7.00ට ආරම්භ වුණා. දිවයින් පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන වෙත උදැසනින් ම ඡන්දය භාවිතා කිරීම සඳහා ජනතාව පැමිණෙන අයුරු කැමරා කාචයේ සටහන් වුණේ මෙලෙසයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2018 මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම පෙ.ව. 7.00ට දිවයින පුරා ආරම්භ විය.
නොබියව ඔබේ ඡන්ද අයිතිය, ඔබේ බලය, ඔබේ හඬ භාවිතා කිරීම සඳහා ඡන්ද පොළට යන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
අනුමත නොකරන හෙවත් නිල නොවන ප්‍රතිඵල විද්‍යුත් මාධ්‍ය හරහා හෝ සමාජ ජාල හරහා හෝ ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරයි.