පළාත් පාලන ආයතන ඡන්දය විමසන අද (10) මැතිවරණ කටයුතු නිරීක්ෂණය කිරීමට පැෆ්රල් සංවිධානයෙන් නිරීක්ෂකයින් 5500ක් යොදවා ඇතැයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම අද දිවයින පුරා පිහිටි ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථානවලදී සිදු කෙරුණු අතර සුවිශේෂී අවස්ථා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු කැමරා කාචයේ මෙසේ සටහන් විය.
2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සාමකාමී වාතාවරණයක් තුළ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් සමඟ අදාළ ඡන්ද මධ්‍යස්ථාන කරා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම අද (09) උදෑසන 8.00 සිට සිදු කරන බවත් මාතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී, දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා පවසයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අවසාන අදියරේ පවතින බව අනුරාධපුර දිස්ත්‍රික් තේරිම්භාර නිලධරි, දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට සඳහන් කළේ ය.