පළාත් පාලන ආයතන ඡන්දය විමසීමේ නිල ප්‍රතිඵල නිකුත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කරුණු පැහැදිළි කරයි.
යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සහ යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ සභාපති චන්ද්‍රිකා සේනානායක මැතිනියගේ සහයෝගය ඇතිව මාතර, අකුරැස්ස යකාබැද්ද ප්‍රදේශයේ පිහිටා ඇති රණවිරු මාපිය වැඩිහිටි නිවාසය හා සම්පත් කේන්ද්‍රය වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් පරිත්‍යාග කරන ලදි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව නිකුත් කෙරෙන ප්‍රථම නිල ප්‍රතිඵලය නිකුත් කෙරේ. මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්තෙයි නැඟෙනහිර ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵලය මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර තිබේ.
පළාත් පාලන ආයතන ඡන්දය විමසීම ආරම්භ වීමෙන් පසු මධ්‍යහන 12.00 වනවිට කිසිදු ප්‍රදේශයකින් බරපතල ගණයේ ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැති බවත් සාමකාමී වාතාවරණයක් පවතින බවත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා පවසයි.