රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසල් ජාලය දිවයින පුරා කඩිනමින් ව්‍යාප්ත කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා එම සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ මහතාට උපදෙස් ලබා දී ඇත.
සිංගප්පූරුවේ අග්‍රාමාත්‍ය ලී සියෑන් ලූ මහතා අද (22) පෙරවරුවේ තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය. අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ අරාධනයකට අනුව සිංගප්පූරුවේ අග්‍රාමාත්‍යවරය ප්‍රමුඛ දූත මණඩලය මෙසේ ශ්‍රී ලංකාවට පැමිණියේ ය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඇරයුම පරිදි සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෑන් ලූ මහතා ඇතුළු දූත පිරිස ලංකාවේ දින 03 ක සංචාරයක් සඳහා මීට සුළු වේලාවකට පෙර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කර්යමණ්ඩල සඳහා පුහුණු වැඩමුළු පැවැත්වීමට ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය කටයුතු කරයි.