පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    බිලියනයකට වඩා පාඩු ලබමින් තිබු ලංකා සීනි සමාගම 2016 වසරේදී බිලියනයක (මිලියන 1006 ක) ලාභයක් ලැබූ බවත්, එය පසුගිය වසරේදී බිලියන 1.1 ක (මිලියන 1,174.6) ලාභයක් දක්වා වර්ධනය වූ බවත්, 2018 වසර අවසානය වන විට සීනි නිෂ්පාදනය ඉහළ නංවා බිලියන 1.8 ක (මිලියන 1,816) ලාභයක් ලබා ගැනීමට සැලසුම් කර තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

    ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් බදුල්ල දිස්ති‍්‍රක්කයේ විදුහලක විදුහල්පතිනියකට හිංසා කළ බවට සදහන් කෙරෙන තොරතුරු සහ පොලීසියට කර ඇති පැමිණිලි අනුව ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී පුළුල් පරීක්ෂණයක් වහාම සිදුකරන ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පොලිස්පති පූජිත ජයසුන්දර මහතා වෙත උපදෙස් ලබා දී තිබේ.

    සෑම පාසලකම බෝනොවන රෝග පරීක්ෂණ මධ්‍යස්ථාන ස්ථාපිත කරන අතර ඒ දරුවන්ගේ රෝග හඳුනා ගැනීම සඳහා බවත් බෝනොවන රෝග පාලනය කිරීමට හැකිවීමෙන් නිරෝගී දරු පරපුරක් ඉදිරි අනාගතයේ බිහි කිරීමට හැකියාව ලැබෙන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

    ගණිත විෂය භාර නිලධාරීන්ගේ වෘත්තීය සංවර්ධනය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් සිංගප්පූ‍රුවේ පැවැත්වෙන විශේෂ ගණිත පුහුණු වැඩසටහනක් සඳහා සම්බන්ධවීමට විෂය භාර නිලධාරීන් 50 දෙනෙකු වෙත ගුවන් ටිකට් පත් ප්‍රදානය පසුගියදා අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya