ලංකා භූමිතෙල් රථවාහනවලට, කර්මාන්තශාලාවට, බවුසර්වලට සහ තොග වශයෙන් භාජනවලට මෙන්ම බැරල්වලට අලෙවි කිරීම තහනම් කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිවයිනේ සියලුම පිරවුම්හල් වෙත නියෝගයක් නිකුත් කර තිබේ.
සංචාරකයින්ට ආරක්ෂිත තත්ත්වයක් රටේ පවතින බවත් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන බවත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
ගාලූ දිස්ත්‍රික්කයේ දකුණු ආසියාවේ හොඳම සංචාරක කලාපය බවට පත් කිරීමට සැලසුම් සකස් කර තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (22) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වෙන බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.