පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඇරයුම පරිදි සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් මහතා 2018 ජනවාරි මස 22 වැනිදා සිට 24 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වෙයි.

    සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා ජනවාරි 23 වැනි දින උදෑසන නිල හමුදා උත්තමාචාර සහ ආචාර වෙඩිමුර සහිතව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිළිගනු ලබන අතර ඉන් අනතුරුව ඔහු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී නිල ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි. ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් තැබෙනු ඇත.


    මෙම සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද හමුවී දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සහයෝගිතාව පිළිබඳව සාකච්ඡා පවත්වනු ඇත. සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා, සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව යන දෙරටේම ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් හා ආයෝජකයන් සහභාගීවන ව්‍යාපාරික සංසදයකට සහභාගී වීමටද නියමිතය.

    1979 දී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹූ ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව, අන්‍යොන්‍ය අවබෝධය, ගෞරවය සහ පුද්ගලාන්තර බැඳීම් මත ගොඩනැඟුණු ශක්තිමත් හා සමීප ද්විපාර්ශ්වික සම්බන්ධතාවක් පවත්වයි. සිංගප්පූරු අගමැතිවරයකු ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නියැලෙනුයේ වසර දහතුනකට පසුවය.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඇරයුම මත ඉන්දුනීසියානු ජනපති ජෝකෝ විඩෝඩෝ මහතා 2018 ජනවාරි මස 24-25 යන දෙදින තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නියැළෙයි.

    මොරගහකන්ද ජලාශය ඉදිවීමත් සමග තම කෘෂිකාර්මික කටයුතුවල නැවුම් පිබි`දීමක් ඇතිවී තිබෙන බව ප‍්‍රදේශයේ ගොවි ජනතාව පවසයි.

    ජනමත විචාරණයක දී හෝ ඡන්ද විමසීමකට අදාළ කාලසීමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු උපමාන හෙවත් මාර්ගෝපදේශ / මෙහෙයුම් ප්‍රතිපත්ති(Guidelines)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya