මෙවර පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා සමඟ ඒ ඒ පළාත් පාලන ආයතනවලට තරඟ කරන පක්ෂ,ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයන්ගේ නම් ඇතුළත් පත්‍රිකාවක් ද බෙදා හැරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු යොදා ඇත.
ශී‍්‍ර ලංකාව තුළ අල්ලස් හා දූෂණ තුරන් කිරීම උදෙසා ජාතික කි‍්‍රයාකාරී සැලැස්මක් සකස් කිරීම පිළිබඳ විද්වත් කතිකාවක් ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ජාතික කෘෂිකර්ම පර්යේෂන පද්ධතියේ විද්‍යාඥයින්ට පශ්චාත් උපාධි පාඨමාලා සදහා ඉදිරි වසර 5 ඇතුළත වර්ෂයකට මිලියන 300 බැගින් වෙන් කර ඇත.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලුම කාර්යාලීය කටයුතු නව තාක්ෂණය යොදාගෙන පරිගණක මගින් සිදු කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංගම සභාපති රමල් සිරිවර්ධන මහතා පවසයි.