දිවයිනේ බොහෝ පලාත්වල වියලි කාලගුණ තත්වයන් සමඟ සහ ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මහබැංකු බැදුම්කර සිදුවීම සම්බන්ධව විමර්ශනය කළ ජනාධිපති කොමිෂමේ වාර්තා සහ බරපතල වංචා දූෂණ විමර්ශන කොමිෂමේ වාර්තා සියල්ල පාර්ලිමේන්තු සභාවට නිලවශයෙන් ඉදිරිපත් කිරීම ජනවාරි 23 දින සිදු කරන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (17) පාර්ලිමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේ ය.
විශිෂ්ට නිර්මාණ හැකියාවන්ගෙන් පිිරිපුන් වීදි චිත‍්‍ර ශිල්පීන්ගේ දක්ෂතා අගය කරමින් මෙම වසරේ සිට ඔවුන්ට ජනාධිපති සම්මාන පිරිනැමීමේ වැඩසටහනක් කි‍්‍රයාත්මක කරන බව ජනාධිපතිතුමා පවසයි.
වසර ගණනාවක් ජාත්‍යන්තරයෙන් මුළු ගැන්වී සිටි ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය දිනා ගෙන මෙවර ජාතික නිදහස් දිනයේ 70 වැනි සංවත්සරය ''එකම දැයක්'' යන තේමාව යටතේ අති උත්කර්ෂවත් ලෙස පවත්වන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.