නිදහසින් පසු පැවැති සියලු රජයන් අධ්‍යාපනයට ලබාදුන් ප්‍රමුඛතාවය නිසා අධ්‍යාපනයේ දැවැන්ත දියුණුවක් ලබා තිබෙන බවත් කිසිදු භේදයකින් තොරව සියලු පක්ෂ එකතු වී රටට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කරගත යුතුව ඇතැයි ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (23) පාර්ලිමේන්තුවේ අධ්‍යාපන වැයශීර්ෂ විවාදයට එක්වෙමින් පැවසී ය.
උපධිධාරීන්ට රැකියා ලබාදෙන වැඩපිළිවෙල ඉක්මනින් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන වැයශීර්ෂ විවාදයට එක්වෙමින් පැවසී ය.
පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරන බවත් පාසල් ළමුන්ට ක්‍රීඩා කළ හැකි ක්‍රීඩාංගන අවශ්‍ය බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් අද (23) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසී ය.