වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය සියයට 60%ක වාර්තාගත ප්‍රගතියක් ලබාගෙන තිබෙන බවත් වසර 10ක් රාජ්‍ය ආයෝජන සැළැස්මක් සකස් කර තිබෙන බවත් අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.
අපනයන ආදායම වැඩිකර ගැනීමට සැලසුම් කළ යුතු බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.
ගොවීන්ට වගාකිරීමට අවශ්‍ය බිත්තර වී හිඟයකින් තොරව තිබෙන බවත් රට තුළම අර්තාපල් බීජ නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
කාබන් බද්ද පැනවීම තුළ පරිසරය ආරක්ෂා කරගැනීමට හැකියාව ලැබෙන බව මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි.