ඇබ්බැහි විය හැකි මත්ද්‍රව්‍ය වර්ග 648ක් හඳුනාගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විවිධ ලෙස උත්සහ කළත් වැටලීම් සෘජුව සිදු වෙනවා. ජනතාව දන්නා සියලු තොරතුරු ජනාධිපති කාර්යසාධක බලකායට ලබාදෙන්න. බොරු මත ඔස්සේ පාසල් දරුවන් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි කරගන්නවා යැයි මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි මහතා පවසයි.
''මතින් නිදහස් රටක්'' ජාතික වැඩසටහන ලබන 19 දින කළුතර දිස්ත්‍රික්කයේ, පනදුර දී අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.
පොලිතීන් තහනම් කිරීමට ජනාධිපතිතුමා ගත් තීරණයට සහාය වෙමින් සියලු ධීවර යාත්‍රා මුහුදට යනවිට ධීවර වරායන් හිදී පරීක්ෂාවකට ලක් කරන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.
ලෝකය සමඟ තරග කරන රටක් බවට පරිවර්තනය කරන විට ඔබට හෙට දවසක් උදා වන බවත් අපේ රටේ ආර්ථිකයේ සහ රාජ්‍ය යාන්ත්‍රණයේ විශාල පරිවර්තනයක් අවශ්‍ය වී ඇති බවත් අපි ළිං මැඩියන් සේ සිටිය හොත් ගමේ ජනතාවට හෙට හොඳ දවසක් උදා නොවන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසීය.