දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන, සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (13) නිකුත් කළ නිවේදනයේ සඳහන් කරයි.
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයට අයත් 583 බලසේනාවේ භට පිරිස් විසින් ජාතික වෙසක් උත්සවයට සමගාමිව වට්ටාරාම ශ්‍රී අරහත්ත මලියදේව රජමහා විහාරයේ නව ධර්ම ශාලාව මාස 6 කට අඩු කාලයක් තුළ දී ඉදිකරනු ලැබීය.
කොළඹ යුද්ධ හමුදා රෝහලේ නේවාසිකයින්ගේ ප්‍රයෝජනය සඳහා සිංගප්පුරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ සහ තවත් පරිත්‍යාගශීලින් එක්ව විදුලි ඇඳන්, රෝද පුටු, සේලයින් රඳවනයන්, අත්වාරු ඇතුලු වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමේ උත්සවය (12) දින සන්ධ්‍යාවේ එම රෝහල් පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.
හුණුපිටිය, ගංගාරාම විහාරස්ථ සීමාමාලක පරිශ්‍රයේදී බුද්ධ රශ්මි වෙසක් කලාපයේ සියලු ආගමික කටයුතු ඊයේ දින (12) ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පැවරී තිබු අතර වෙසක් කලාපය විදුලි ආලෝකයෙන් ඒකාලෝක කිරීම නාවික හමුදාවේ මූලිකත්වයෙන් සිදු කෙරිණි.