ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුකාර්ය ධීවර වරායන් ඉදිකිරීමේ ශක්‍යතා අධ්‍යනයන් සඳහා පැමිණි කොරියානු කණ්ඩායම අද 30 දින චලෙයි හා මාදගල් බහුකාර්ය ධීවර වරායන් ඉදිකිරීමේ ශක්‍යතා අධ්‍යනයනවල නිරත වන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධාන අමාත්‍යාංශය පවසයි.
රටේ සංවර්ධනයේ නායකයන් ලෙස තාරුණ්‍ය ඉදිරියට ගේන්න රජය සුදානම් බවත්, ඒ වෙනුවෙන් රටපුරා තාරුණ්‍ය එකතු කර ගැනීම යොවුන්පුරයට පැමිණි තරුණ තරුණියන්ගේ වගකීමක් බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය.
සෞදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙස සේවය කරමින් සිටිය දී බලහත්කාරයෙන් එම නිවසේ රදවාගෙන සිටි කාන්තාවක් විදේශ රුකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන තිබේ.
දිවයිනේ බොහෝ පළාත්වල (විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ,ඌව සහ දකුණු පළාත්වල) සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (30) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.