නැති වී ගිය දියුණුව නැවත රට තුළ ඇති කිරීමට කාලය එළැඹතිබෙනවා. නමුත් ඊට පෙර අප ණය බරින් නිදහස් විය යුතුයි. ඔබේ මහජන මුදල් හරහා ඇති වන ආදායම ණය පියවීමට යොදවන අතර විදේශ ආයෝජන හරහා මෙරට විශාල දියුණුවක් ඇති කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අලුත් අවුරුදු උත්සව කාලයේ වෙළෙඳ පොළට යැවීමට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 20ට වැඩි වටිනාකමකින් යුතු නරක්වූ කට්ටා කරවල තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පවසයි.
2017 වර්ෂයේ ගත වූ මාස 03 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන්ක් 26115 දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත.
දන්ත චිකිත්සක සේවය මුහුණ දී ඇති ගැටළු විසදිය යුතු බවත් දන්ත වෛද්‍යවරුන් සමග සාකච්ඡා කර ප්‍රශ්න විසදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.