සෑම සිකුරාදා දිනකම පොලිස් මුලස්ථානයේ පවත්වනු ලබන පොලිස්පති මහජන සහන දිනය පෙබරවාරි 10 වන දින පැවැත්ව්මට නියමිතව තිබුනත් එදිනට නවම් පුර පෝය දිනය යෙදී ඇති බැවින් එදිනට මහජන සහන දිනය නොපැවැත්වෙන බව පොලිස් මූලස්ථානය පවසයි.
බලගතු ශ්‍රී ලංකාවක් ඉලක්ක කර ගනිමින් සැලසුම් සහගත ගමනක් පියනගමින් සිටින වත්මන් රජය ජනතා අපේක්ෂාවන් යථාර්තවාදී ලෙස ඉටු කිරීමට බැදී සිටින බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.
''සුවත උයන'' සුවැති දැයක්, දැයට හෙටක් තේමාව යටතේ ඉදි වූ මහර ඇල්දෙණිය ළමා උද්‍යානය සහ මංතීරු ජනතා අයිතියට පත් කිරීම අද (06) සිදු කිරීමට නියමිතය.
ගාල්ල පරිපාලන දිස්ත්‍රික්කයට අයත් තවලම හා නියාගම ප්‍රාදේශිය ලේකම් කාර්යාල නව පරිශ්‍රයන්, වැකුණගොඩ රාජ්‍ය සේවක නිවාස 02 ක සහ ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ නව තෙමහල් පරිපාලන පරිශ්‍රය සඳහා මුල්ගල තැබීමේ උත්සව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 06) සිදු කිරීමට නියමිතය.