රටට, අනාගතයට සුදුසු නවීන සන්නද්ධ හමුදාවක් බිහි කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
රටේ ස්වාභාවික වායූ තිබෙන බව හඳුනාගෙන තිබෙනවා. ස්වාභාවික වායූ ප්‍රයෝජනයට ගන්න කටයුතු ක්‍රියාත්මක කරමින් පවතිනවා .වසර 2020 වනවිට රටට ආදයමක් ලැබෙන ආකාරයට බලශක්ති භාවිත කරන්න හැකි වෙනවා යැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කෝඩි මහතා ප්‍රකාශ කරයි.
මෙගාවෝට් එක බැගින් වූ සූර්ය බලාගාර හැටක් පිහිටුවීමට කටයුතු කරන බවත් ඒ සඳහා ඉදිරි මාස දෙක තුන තුළ ටෙන්ඩර් කැදවන බවත් පාර්ලිමේන්තුව සූර්ය බලයෙන් පණ ගන්වන පාර්ලිමේන්තුවක් බවට පත් කරන බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.
විදුලිය අවශ්‍ය සියලු දෙනාටම විදුලිය ලබාදීමේ වගකීමක් පවතින බවත් වසර 2034 වනවිට විදුලි අවශ්‍යතාවයට සැලැස්මක් සකස් කර තිබෙන බවත් විදුලිය කැපීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.