මඩකලපුව, ත්‍රිකුණාමලය, මුලතිවු සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ගෙන එන බවත් ඒ සඳහා ඉදිරියේ දී නව නීති හඳුන්වාදීමට ද බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඊට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
අධ්‍යාපනය පිළිබඳ පළමු ද්විවාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණය 2022 දෙසැම්බර් මස 16 වන දින කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිත බව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති සම්මානිත මහාචාර්ය හරිස්චන්ද්‍ර අබේගුණවර්ධන මහතා පවසයි.