රාජ්‍ය සේවයේ 40,000ට ලබන වසරේදී තොරතුරු තාක්ෂණ දැනුම ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අද (13) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීම සඳහා නව නීති සම්පාදනය කිරීමට හා පවතින නීති සංශෝධනය කිරීමට රජය කටයුතු කර ඇතැයි වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද (13) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මෙරට පැවැත්වෙන සියලු මැතිවරණ වලට අදාළව මාධ්‍ය විසින් ගැසට් කරන ලද උපමාන වලට නිත්‍යානුකුල වලංගුභාවයක් ලබා දෙමින් එම මාධ්‍ය උපමාන කඩ කරන්නන් ට දඬුවම් පැමිණවීම සඳහා අවශ්‍ය පනත් කෙටුම්පත සකස් කිරීමට අවශ්‍ය අනුමැතිය කැබිනට් මණ්ඩලය විසින් ලබා දී ඇති බව ජනමාධ්‍ය, ප්‍රවාහන මහා මාර්ග අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ජංගම යෙදුම් (Mobile Apps) භාවිත කර පරිඝණක, තොරතුරු තාක්ෂණ, මුල්‍ය, භාෂා, යන පුළුල් පරාසයක, සාක්ෂරතාවය ප්‍රවර්ධනය සඳහා, ජාතික වැඩපිළිවෙළක් සකසා පරිඝණක ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් හා අනෙකුත් සංවිධාන සමග එක්වී බිම් මට්ටමේ ක්‍රියාකාරී වැඩසටහනක් ක්‍රියාත්මක නොකරන්නේ මන්ද යන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා අද (13 )පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේය.