අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය පාසල් සිසුන් ඇතුලු අනාගත පරම්පරාව තුළ පැතිරී යාම මෙරට දැවැන්තම ජාතික අර්බුදය ලෙස පත්ව තිබෙන බවත්, මේ පිළිබඳව විශාල වශයෙන් ජාතියේ අවධානයට ලක්විය යුතු බවත් ජනමාධ්‍ය, ප්‍රවාහන මහා මාර්ග අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.
විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 සීමාව 60දක්වා අඩු කිරීමට ගත් ප්‍රතිපත්තිමය තීරණයේ වෙනසක් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අද (13 ) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාට සහ ඔවුන්ගේ දරුවන්ට පහර දීම හා දේපොළ වලට හානි කිරීම සම්බන්ධයෙන් අපක්ෂපාතී සම්පුර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා අදාළ පාර්ශවයන්ගෙන් ඉල්ලා තිබෙන බව ජනමාධ්‍ය, ප්‍රවාහන මහා මාර්ග අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තාක්ෂණික අතින් දියුණු කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් ආයෝජනය කිරීම සඳහා රජය සැළසුම් කර ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (13) පාර්ලිමේන්තුවේ දී පැවසීය.