මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග ජය ගැනීම උදෙසා හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමේ සහ වර්ධනය කිරීමේ අරමුණින් ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබාදුන් P 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව “නාවික නෞකා විජයබාහු" නමින් අධිකාරියට පත් කිරීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිහ මහතාගේ ප්‍රධානත්වයෙන්  (22) පස්වරුවේ කොළඹ වරාය, නැගෙනහිර පර්යන්තයේ දී සිදු විය.

    ආර්ථික අර්බුදයෙන් මිදීම,වේගවත් සංවර්ධනයකට අවශ්‍ය පදනම සකස් කිරීම සහ සුභ සාධනය තුළින් ආර්ථික ක්‍රියාවලියෙන් මගහැරුණු පද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට සහන සැලසීම යන සෑම ක්ෂේත්‍රයක්ම මෙවර අයවැයෙන් ආවරණය වන බව සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

    අධිකරණ අමාත්‍යවරයා ලෙස දූෂණ විරෝධී නව පනත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබූ බවත්,  (21) පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් දැනුම්වත් කිරීම සිදුවූ බවත්, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

    සමෘද්ධිලාභීන් සමාජ සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ ආර්ථීක ස්ථාවරත්වයට පත්වීම හේතුවෙන් වසරක් තුළ සමෘද්ධිලාභින් විසි පන්දහසකට වැඩි ප්‍රමාණයක් සමෘද්ධිලාභිත්වයෙන් ඉවත්වන බවත්, පොරොත්තු ලේඛණයේ සිටින පිරිස තෝරා ගැනීමේදී ද සමෘද්ධි ලබාගැනීමට සුදුසු බව හොඳින් සොයාබලා ලබාදීමට කටයුතු කරන බවත්, සමෘද්ධී සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ බන්දුල තිලකසිරි මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya